සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පහතා ප්‍රකාශ කරන්නේ කිසි විටෙකත් සෞඛ්‍ය අංශ විසින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බවයි.
යම් තාක්ෂනික හා කාල පරිච්ඡේදයන්හි පවත්නා ප්‍රමාද දෝෂ හේතුවෙන් සිදුවන සුළු වෙනස්කම් පිළිබඳව ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීම් කර ඇත්තේ ඊයේ (26) දිනයේ වෘත්තීය සංගම් කිහිපයක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාක්ච්ඡාවක් අතරය.
බෝනොවන රෝග හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොමුව සිටින වයස අවු.60 ට වැඩි පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඔවුන් සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට යොමු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.
කොවිඩ් හේතුවෙන් මියයන පිරිසෙන් 86% ක් විවිධ සංකූලතා සහිත අය වන බවත් එයින් 12% ක් පළමු එන්නත පමණක් ලබා ගත් අය බවත් , එයින් එන්නත් දෙකම ලබා ඇති පිරිස 2.5% ක් වන අතර ඔවුන් ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.