අංක තහඩු නැති යතුරුපැදිකරුවන්ට පොලිසිය පහර දෙයි ?. අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

අද (05) පාර්ලිමේන්තුව අසල පැවති මහජන විරෝධය අසල විරෝධතා කරුවන් වෙනුවෙන් යතුරු පැදි සංදර්ශනයක් පෙන්වන අංක තහඩු නොමැති, යතුරු පැදි සිරස රූපවාහිනී නාලිකාව තම රාත්‍රී පුවත්වලදී විකාශණය කරන ලදී.

එම යතුරු පැදි කිහිපවරක් එම ස්ථානයෙන් ගොස් තිබෙන අතර පොලිස් නිලදාරීන් අවස්ථා කිහිපයකම එම ස්ථානයට නොපැමිණෙන ලෙස අවවාද කර තිබෙන බව වාර්තා වන නමුත් නමුත් රූපරාමු වලින් දක්නට ලැබෙන ආකාරයට එහි සිටි ජනතාවද එම යතුරුපැදි කරුවන්ට පහර දෙයි.

කුපිතව සිටින ජනතාව ඉතාම පරිස්සමින් පාලනය කිරීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන අකාරය මේ දිනවල පැහැදිලිවම දක්නට ලැබේ. මිරිහාන සිද්දිය සමග පොලිසියට සිදු වූ දැඩි අපකීර්තිය සහ අකටයුතුකම් පාඩමක් කරගෙන සිටින බව විශ්වාස කලා හැකි පොලීස් නිලදාරීන් මේ දිනවල ජනතා ප්‍රසාදය දිනාගෙන තිබෙන බව අප විසින්ම තහවුරු කරගෙන තිබේ. එසේම ඔවුන් උදෑසන සිටම විරෝධතාකරුවන් පාලනය කිරීම සදහා දැවැන්ත උත්සාහයක යෙදෙන්නේ දැලි පිහියෙන් කීරි කන්නා සේ ජනතාව සමගම සිටිමින් විවිද උපක්‍රම භාවිතා කරමින් බව පැහැදිලිවම දක්නට තිබේ.

එසේම යුධ, ගුවන් හෝ නාවික හමුදාවන් වෙනුවෙන් අමුතුවෙන් ලබා ගැනීමට ගරුත්වයක් නැත . ඔවුන්ට ජනතාව ආදරය කරන්නේ යුද්ධය වෙනුවෙන් සැපයු දායකත්වයත්, ඔවුන්ගේ නිල ඇඳුමටම ගැලපෙන විනයානුකූල හැසිරීමත් නිසාය.

මෙම යතුරු ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් බව තහවුරු කර තිබේ. උඝෝසකයන් අතරින් යන විට ඇති වන ගැටුම් සමඟ එක් වෙඩිල්ලක් හෝ තැබුවහොත් එය මිරිහානට එහා ගිය තවත් ඛේදවාචකයක් වනු ඇත. තරුණ යුධ හමුදා භටයන්ගේ ජීවිතද අනතුරේ හෙලන මෙවන් ක්‍රියා වලින් හමුදාව වෙත තිබෙන ගරුත්වය නැති නොකළ යුතුය. එය එසේ වීම රටක් ලෙස අප තව දුරටත් ලබන්නා වූ අභාග්‍යයකි.

අංක තහඩු නොමැති යතුරු පැදි මහාමාර්ගයේ ධාවනය කලා නොහැක . මෙසේ වගකිව යුතු හමුදාවක් මෙසේ අංක තහඩු නොමැතිව මහා මාර්ගයේ ගමන් කරන්නේ නම් එය උද්ඝෝෂණය කරන ජනතාව කුපිත කරවා, හමුදාව ලවා වෙඩි තැබීමට කටයුතු ජනතාව පීඩා කිරීමට සහ ජනපතිදු තව දුරටත් අසරණ කිරීමට දරන ප්‍රයත්නයක්ද යන්නද සැක සාහිතය. එසේ වෙඩි තබා පලා ගිය පසු, මොවුන් නාදුනන තුවක්කරුවන් වනු ඇත. දැන් මෙම තුවක්කරුවන් හදුනාගෙන තිබෙන බැවින් මේ පිලිබඳව පුළුල් විමර්ශනයක් සිදු කල යුතුව තිබේ. එසේ සිදුකර ජනතා උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට පීඩාකාරී ලෙස කටයුතුකරන මොවුන්ගෙන් ඉදිරියට යම් අනතුරක් සිදුවිය හැකි බව කරන අනතුරක් ලෙස අද මෙම සිදුවීම සිදු වූ බව පැහැදිලිය. පොලිසිය සිදුකල යුතුව තිබුනේ මොවුන් සියල්ලෝම අත් අඩංගුවට ගැනීමයි. මොවුන් සැබෑ හමුදා භටයන් බව අවධාරණය වන්නේ රාත්‍රී පුවත් විකාශයෙන් පසුවයි.

කරුණු කෙසේ වුවත් පොලිස් නිලදාරීන් බොහෝ ස්ථානවලදී වැරදි කරන බව දක්නට තිබුනද, මේ සංදර්ශනය සිදු කරන්නේ අංක තහඩු නොමැති, මෙරට මාර්ග තුල ධාවනය කල නොහැකි යතුරු පැදිය. ඔවුන්ගේ යතුරුපැදි වල අංක තහඩු හෝ තිබුනේ නම් අපගේ ලිවිල්ල මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. කෙසේ වුවත් අප සියලුම දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ ජීවත් වන පුරවැසියන් වේ.

එසේම, එහි සිටින යතුරුපැදිකරුවන්ගේ මාර්ස්ක් එක පහලට දමන බවට පෙනෙන්නට තිබෙන අදාළ පොලිස් නිලදාරීන්ට විරුද්දව කටයුතු කරන ලෙස යුධ හමුදාපතිවරයා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර තිබේ. එයට පොලිසියද ප්‍රතිචාර දක්වා තිබේ. එසේම පොලීසිය විසින් අදාළ අංක තහඩු නොමැති යතුරුපැදි වලට එරෙහිව ද කටයුතු කලා යුතුව තිබේ. හමුදාව හෝ පොලිසිය යනු බලපත්‍රලාබී අපරාධකරුවන් නොවේ. ඔවුන් මෙරට නීතිය සහ සාමය ආරක්ෂා කරමින් රට ආරක්ෂා කලා යුතුය. එම පූර්වාදර්ශය දිගටම පවත්වාගෙන යා යුතුය. මේ දෙපාර්ශ්වයම ජනතාව වෙනුවෙන් සුරක්ෂා කල යුතුය .

Exit mobile version