කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අක්කර භාගයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක සිදු කරනු ලබන ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 03ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.
එමෙන් ම ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය කරන විසිරුම් ජල පද්ධති, වතුර ටැංකි, ජල මෝටර් ආදී සියලු උපකරණ නොමිලේ ලබා දීමට සූදානම් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
ගම්පොළ ප්‍රදේශයේ ගොවීන් පිරිසකට කෘෂි උපකරණ ලබාදීමේ උත්සවයක් සඳහා සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.
මේ අතර, කාෂිකර්ම අමාත්‍යංශය විසින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා නැනෝ නයිට්රජන් ප්‍රභවයක් සහිත විශේෂිත වූ දියර පොහොර ලීටර් විසි දෙලක්ෂයක් පමණ ඉන්දියාවෙන් ගෙන්වීමට තීරණය කර ඇති අතර එළඹෙන 19 වනදා එහි පළමු පොහොර තොගය මෙරටට ලැබීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.