අගනුවරින් තමන් පලා නොගිය බව යුක්‍රේන ජනපති පවසයි

යුක්‍රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ තමා යුක්‍රේන අගනුවර වන කියුව් නගරයෙන් පළාගොස් නොමැති බවයි.

වීඩියෝවක් නිකුත් කරමින්  කියුව් නගරයේ තවදුරටත් රැඳී සිටින බවට යුක්‍රේන ජනපති ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තමන් සමග අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපති උපදේශකවරයාත්, ජනාධිපති කාර්යාල ප්‍රධානියාත් රැඳී සිටින බවට දන්වමින් අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

ජනාධිපති  ව්ලොදිමීර් සෙලෙන්ස්කි එම වීඩියෝව ඔස්සේ සඳහන් කළේ තමන් තම ජනතාව සමග අගනුවර තුළ තවදුරටත් රැඳී සිටින බවයි.

Exit mobile version