අගමැතිගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසීමට නැවත අවස්ථාව

ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා ඒ සඳහා පිලිතුරු ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ දී ලබාදෙන අවස්ථාව නැවතත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2021.11.10 වන බදාදා දිනයේ සිට නැවත ක්‍රියාත්මක වන බවයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

පසුගිය කාල වකවානුවේ දී කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිසි පරිදි පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වීම නිසා මෙම ප්‍රශ්න විමසීමේ අවස්ථාව ලබා දීම තාවකාලිකව නවතා දමා තිබුණි.

Exit mobile version