අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවට අගමැතිගෙන් ප්‍රකාශයක්!

දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවත් අද (09) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා. මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා. ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.”

“පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.”

Exit mobile version