අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන අද (7) දින පාර්ලිමේන්තුව තුලදී අදහස් දක්වමින් පවසා ඇත්තේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයතු කිරීමට හැකියාව ඇත්තේ නීතියට අනුව පමණක් බවයි.
ඉදිරි තීරණ හා ක්රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට අද දින මැතිවරණ කොමිසම හා භාණ්ඩාගාර ලේකම්වරයා සමග සාකච්චාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද අගමැතිවරයා ප්රකාශ කොට තිබේ.
මන්ත්රී බුද්ධික පතිරණ විසින් මේ මස 19 වන දා පළාත් පාලන ආයතන නිල කාලය අවසන්වීමෙන් පසුව ගන්නා ක්රියාමාර්ගයන් පිලිබදව විමසු අවස්ථාවේදී අග්රාමාත්ය වරයා මේ බව සදහන් කර තිබේ.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
“ගරු කතානායක තුමනි අපේ මාතර දිස්ත්රික්ක ගරු මන්ත්රීතුමා අහන ප්රශ්නයම විපක්ෂනායක තුමාත් අසා තිබෙනවා. ඉතින් විපක්ෂනායක තුමාත් අහන්නේ ඔය ප්රශ්නයම තමයි අන්තිමට. ඒ ගැන නීතියට අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුළුවන්. මැතිවරණ කොමිසම හා මහා භාණ්ඩාගාර ලේකම් තුමන්ලා කැදවලා අද සාකච්චාව කිරීම අනුව තමයි ඊලග කාරනා වලට බහින්න පුළුවන් වෙන්නේ”