අගමැතිගේ ළමා දින පැතුම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක ළමා දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ගෝලීය වසංගතයක් පවතින කාලයක දරුවන්ට නිවසේ දී මානසික පීඩාවට ලක් නොවන අයුරින් රැක බලා ගැනීමට උනන්දු වන ලෙසට දෙමව්පිය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

රටක මෙන් ම ලෝකයේ ද අනාගතය රැඳී පවතින්නේ ළමා පරපුර මත වන බවත් ළමුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දර බවත් එම මිහිර ඔවුන්ට බාධාවකින් ගොරව විඳ ගැනීමට ඉඩ ලබා දීම වැඩිහිටියන් සතු වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇත.

එමෙන් ම ළමුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සහ ළමා මෙහෙකාර සේවය සමාජයෙන් තුරන් කිරීමට අදාළ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම ද ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස එතුමා සඳහන් කර ඇත.

Exit mobile version