අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර අන්තර් කාලින රජයක් පිහිටුවන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද කොලඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (29) පැවති සාකච්චා සාර්ථක වූ බවයි.
එසේම නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයට සහය වීම සදහා ජාතික සභාවක් පත් කිරීමටද ජනාධිපතිවරයා එකග වූ බවද ඒ මහතා සඳහන් කරන ලදී.
ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 නායකයන් සියලුම දෙනා මෙම සාකච්චාවට සහභාගි වී තිබෙන අතාර ඔවුන් සියලුම දෙනා මෙම එකඟතාවයට පැමිණි බවද වාර්තා වේ.
කෙසේ වුවත් අරගල කරන ජනතාව සඳහන් කරන්නේ රාජපක්ෂවරු සියලු දෙනාම ඉවත් විය යුතු බවයි.