අද වන විට රටවල් අතර මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය හේතුවෙන් සමස්ත ආසියාවම වෙනසකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දුන් තීරණාත්මක අවස්ථාවලදී පවා චීනයේ සහයෝගය හිමි වුණු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී ඇත.
නෙළුම් පොකුණ රඟහලේ චීන, ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම සහ රබර්, සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.
මෙම උත්සවය සඳහා සහභාගී වී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කළේ අද වන විට ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි.