අගමැති නිසා ගුවන් හමුදා දිනයේම ගුවන් හමුදාවට කළු පැල්ලමක්!. හෙලිකොප්ටරෙන් ගමන්  යන්නේ තමන්ගේ සල්ලි වලින්ද?

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු තාක්ෂනික වශයෙන් ඉහලින්ම තිබෙන හමුදාවයි. එම හමුදාවේ හිටපු හමුදාධිපතිවරුන්ගේ දුෂිත ක්‍රියාකලාපයන් පිළිබඳව අප වාර්තා ගණනාවක්ම ඉදිරිපත් කලත්, වර්තමාන ගුවන් හමුදාධිපතිවරයා යටතේ හෝ ඒවාට අවශ්‍ය නිසි විමර්ශන මෙතෙක් සිදුවන බවක් අපට වාර්තා නොවේ. එසේ සිදුවන්නේ නම් එය යහපත් පුර්වාදර්ශයක් වන නමුත් එසේ නොවන්නේ නම් එය වැරදි පුර්වාදර්ශයකි.

ගුවන් හමුදාවේ ගැටළු විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුල අප වාර්තා කලේ ගුවන් හමුදා නායකයන්ගේ වැරදි නිසා ගුවන් හමුදාවක් ලෙස සිදුවන් හානිය පෙන්වා දීමයි. එසේම අසාධාරණයට ලක් වූ කිසිදු හමුදා භටයෙකුට හෝ නිලධාරියෙක්ට හමුදා නායකයන්ගෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් ඔවුන් රාජකාරිය පිළිබඳව වැඩි තැකීමක් නොකරයි. ගුවන් හමුදාවද එහි සේවය කරන්නන්ගේ පුද්ගලික බුදලයක් නොවේ. එය මහජන ආයතනයකි.

එවැනි පසුබිමක් තුල කාලයක් තිස්සේ තත්වයෙන් බාල නිලධාරින් සහ භටයන් නිර්මාණය වූ ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ට නිසි ලෙස ගුවන් යානා පැදවීමට නොහැකි බවත්, එසේ නුසුදුසු පුද්ගලයන් දිගින් දිගටම එම රාජකාරී කිරීම නිසා ගුවන් හමුදාවට සිදු වූ අපකීර්තිය සුළු පටු නොවන බවත් වර්ෂයකට වරක්වත් අප අත් වින්දේය. එසේම මහජන මුදල් වලට සිදු වූ හානියද එසේමය.

එවැනි නුසුදුසු ගුවන් නියමුවන් සහිත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අග්‍රාමාත්‍යවරය රැගෙන  ඊයේ (1) අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ගොස් තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රීඩාංගනයට ගොඩ බැස්සවීමේ දී මාතර තානායමට හානි සිදුව තිබෙන බවත් අපට වාර්තා වන්නේ අදය (2). අද ගුවන් හමුදාවට සුවිශේෂි දිනයකි.

මෙම සිදුවීම නිසා එම අවස්ථාවේ තානායමේ ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ද දැඩි අපහසුතාවයට ලක් ව තිබෙන අතර හෙලිකොප්ටරය නිසි ආකාරයට ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබේ.

කෙසේ වෙතත් මුහුද දෙසින් පැමිණි දැඩි සුළං ප්‍රවාහය නිසා එම තත්වය ඇති වූ බැව් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය පවසා තිබේ. නමුත් ගුවන් යානයක් ගුවන් ගත කිරීමට පෙර කල යුත්තේ මොනවාද යන්න ගුවන් හමුදා නියමුවන්ට අප කියා දිය යුතු නැත.

එසේම රටේ මිනිසුන්ගේ කුසට අහරක් නොමැතිව සිටියදී මෙසේ හෙලිකොප්ටර් යානා ලබා ගැනීමට පෙර අගමැතිවරයාටද සිතීමට තම ඔලුව භාවිතා කල යුතුව තිබෙන්නේ , තමන් විනාශ කරන්නේ රටේ මුදල් බවයි. මිනිසුන් ගැන සිතීමට නොහැකි අගමැතිවරුන්ගෙන් රටට පලක් නැත අතර, ඔවුන් රැගෙන යන ගුවන් යනාවලටද ස්වභාවික දඩුවම් ලබා දීම සිදුවන්නේ මහජන ශාපය නිසාය. කෙසේ වුවත් ගුවන් යානා භාවිතයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පුද්ගලික මුදලින් අවශ්‍ය ගෙවීම් කරන්නේ නම් එය ගැටළුවක් නොවේ.

කෙසේ වුවත් ඒවා සිතීමට මොලයක් නැති පාලකයන් සිටින රටකට ගුවන් හමුදාවේ අනාගතය හෝ රටේ අනාගතයෙන් පලක් නැති බව අප දිගින් දිගටම වාර්තා කර තිබේ. එවන් පසුබිමක තම හමුදාවේ තත්වය ආරක්ෂා කර, ඔවුන්ට නිසි පුහුණුවීම් ලබා දී, අපකීර්තියට ලක් නොවී තමන්ගේ කාලය අවසානයේ විශ්‍රාම යාම වර්තමාන ගුවන් හමුදාධිපති උදේනි රාජපක්ෂ මහතාගේ සහ එම කාර්ය මණ්ඩලයේ වගකීමක් බව අප අවධාරණය කරන්නෙමු.  එසේ වගකීමෙන් බැහැරව කටයුතු කරන්නේ නම් හිටපු ගුවන් හමුදාධිපතිවරුන්ගේ කටයුතු අප වාර්තා කල ආකාරයටම දිගින් දිගටම වාර්තා කිරීම් සිදුකිරීමට සිදුවන බවටද අප කනගාටුවෙන් වුවත් සටහන් කෙරේ.

Exit mobile version