අගමැති මහින්දට බහුතරය අහිමි වීමේ අවදානමක්!

ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් 13දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

එම මන්ත්‍රීවරුන් ඉකුත්දා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසක් බවයි වාර්තා වන්නේ.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ලිපියෙන් දැනුම් දී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Exit mobile version