අගමැති යළි දිවයිනට

ඉතාලියේ නිල සංචාරය අවසන් කර අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ ඇත.

සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.309 දරණ ගුවන් යානයෙන් අද (20) අලුයම 12.01ට පමණ අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දූත පිරිස පසුගිය 10 වන දා ඉතාලිය බලා පිටත්ව ගියේ ඉතාලියේ පැවති ජී-20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහාය.

Exit mobile version