අගමැති සහ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අතර හමුවක්

සංවර්ධන සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහමාන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය ලබාදෙන සහාය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී සිහිපත් කර ඇති අතර දෙරටේ මිත්‍රත්වය පිළිබඳව ද සිය ප්‍රණාමය දක්වා ඇත.

මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති රැසකට ම ණය සහ ආධාර මුදල් සෞදි අරාබි රජය විසින් මෙරටට ප්‍රධානය කර ඇත.

Exit mobile version