ඊයේ (15) අලුයම් කාලයේ චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මැර කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සියල්ලන්ගේ අවධානය යොමුව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (16) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද චමුදිත සමරවික්‍රම මහතා සමග දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිසි පරිදි සිදු කරන බවටත් ඊට සම්බන්ධ වැරදිකරුවන් සියල්ල නීතිය ඉදිරියට රැගෙන එන බවට අග්‍රාමාත්‍යවරයා විසින් චමුදිත සමරවික්‍රම මහතා වෙත පොරොන්දුවක් ද ලබා දී ඇත.
මෙවැනි ක්‍රියාවන් දිගින් දිගටම සිදුව වුවහොත් එතුළින් රටේ මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම සීමා වන අතර එතුළින් විනාශ වන්නේ අපේම රට බව ද සිහියේ තබාගත යුතුව ඇත.
කෙසේ නමුත් මෙවන් අවස්ථාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට මැදිහත්වී ඔහුට මෙන්ම සමස්ථ මාධ්‍යවේදී ප්‍රජාවට ම ශක්තියක් ලබා දීම සම්බන්ධයෙන් රටේ මාධ්‍යවේදී ප්‍රජාවගේ මෙන්ම ලක්වාසී යුක්තිගරුක ප්‍රජාවගේ ප්‍රණාමය හිමිවනු ඇත.