අග්‍රාමාත්‍යවරයා හෙට ඉල්ලා අස්වීම “අතීසාරයට අමුඩ ගැසීමක් ද?”

.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉවත් වීමට කටයුතු කරන බව විවිද මාද්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වීම වරින් වර පුවත් මවන සිද්ධියක් බවට පත් විය. කෙසේ වුවත් ඔහු ඉවත් වීමෙන් ජනතා ප්‍රශ්න නොවිසඳේ. ඔහු ඉවත්ව ඩලස් අලහප්පෙරුම මහතා අගමැති වුවත් පවතින ප්‍රශ්න විසඳිය නොහැක. අපට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් මෙසේ දිගින් දිගටම අල්ලා සිටිමෙන් තවත් යම් සැලසුමක් ක්‍රියාත්මක වේ.

පවතින ප්‍රශ්න විසදීමට නම් ප්‍රථමව කල යුත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් 21 වැනි ආණ්ඩුක්‍රම නීතිය බවට පත් කිරීමයි. ප්‍රථමව එය නොකර කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙකු පවතින රජය වෙනුවෙන් සහාය ලබා නොදෙනු ඇත. එසේම විදේශ විනිමය ලබා ගැනීමටත්, ප්‍රථමව ජනතාව ඉල්ලන දේ ලබා දිය යුතු අතර ගැටළු රහිත ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය වේ.

සජිත් ප්‍රේමදාස මහතා වරින් වර ප්‍රකාශ කලේ මට විපක්ෂ නායකකම වැඩක් නැති බවයි. එයින් ප්‍රකාශ වන්නේ විපක්ෂ නායක කමටත් යම් තර්ජනයක් තිබෙන බවයි. එසේ නම් විපක්ෂ නායකකමද පොදු ජන පෙරමුණ විසින් ලබා ගැනීමේ යම් සැලසුමක් තිබේද යන්නද සැක සාහිතය. කෙසේ වුවත් මේ සියලුම ගැට ගැසීම් වලින් ජනතාව දිගින් දිගටම ප්‍රශ්නවලට මුහුණ දෙන අතර, අරගලද නොනවතිනු ඇත. එසේ වුවහොත් ජනතාව තව තව දරුණු වන අතර දැනට සිටින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උද්ඝෝෂණ වලට සහභාගි වෙමින් අරගලයේ හැඩය වෙනාස් වෙමින් රාජ්‍ය නිලධාරීන්ට පවා එරෙහිව ජනතාව නැගී සිටිනු ඇත.

එබැවින් රජය සිදු කල යුත්තේ මීට වඩා ජන හිතකාමී ලෙසය. මේ සෙල්ලම නැවැත්විය යුතුය. පාලක පන්තියට මේ දේවල් නොතේරීම හෝ තේරුම් ගෙන විවිද කුමන්ත්‍රණවල යෙදීමේ අනාගත ප්‍රතිපලය දරුණු විය හැකිය. එසේ කිරීම යනු “අතීසාරයට අමුඩ ගැසීමක්” වැනි බව තේරුම් ගැනීමට තවමත් කාලය තිබේ.

Exit mobile version