අග්‍රාමාත්‍යතුමා ඉතාලිය බලා පිටත් වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන (10) ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු සමග දූත පිරිස ලෙස 17 දෙනෙකු පමණ පිටත්ව ගොස් ඇති අතර මෙම පිරිස උදෑසන 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරන ගුවන් යානයෙන් එක්ෂත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  බලා ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය බලා පිටත් වීමට නියමිත බව වාර්තා වේ. එසේම මෙම පිටත් වීම ගුවන් තොටුපල කාර්‍යබාර නිලදාරියා තහවුරු කර තිබේ

Exit mobile version