අග්‍රාමාත්‍යවරයා හවුල්කාර දේශපාලන පක්ෂ කැඳවයි

හෙට (23) දිනයේ දී ආණ්ඩුවට සහය දක්වනු ලබන දේශපාලන පක්ෂවල රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම හෙට සවස 04.00ට පමණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එම පක්ෂ නායක හමුව කැඳවා ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධති සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවයි සඳහන් වන්නේ.

Exit mobile version