අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අද (03) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනයේ සඳහන් වූයේ, ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දින කිහිපයක් පුරා සහ අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා විසින් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ රටේ ජනතාව නොමග යන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

Exit mobile version