අඟුලාන පොලීසිය මිනිසුන් වටලයි

පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුගේ  ඥාතීන් කියා ගන්නා 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් පොලීස් ස්ථානයට අනවසරයෙන් ඇතුල් වී ඔවුන් දෙදෙනා බලෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා  දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනාගේ ආරවුලක් විසදාගැනීමට පැමිණි අවස්තාවේ  පොලිස් රාජකාරියට බාධාකරමින් කලහකාරී ලෙස පොලීසිය තුල  හැසිරීම හේතුවෙන් ඔහුන් දෙදෙනා  මුලින්ම අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

මෙම කලහකාරී තත්වය පාලනය කිරීමට කටයුතු කල පොලිස් සැරයන් වරයකු පහර කෑමකට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිස්සි ප්‍රතිකාර ඒකකයේ  ප්‍රතිකාර ලබයි.

Exit mobile version