රත්නපුර,රක්වාන ,අටකලන්කොරලයේ සමූපකාර නිලවරණය පසුගිය 14 වනදා රක්වාන ඡන්ද බල කොට්ඨාසයට අයත් ප්රාදේශීයන් 23ක පැවැත්විනි.
එහි දී දේශපාලන පක්ෂ 02කට අයත් සාමාජිකයන් එම පක්ෂ නියෝජනය කරමින් තරඟ වැදුණු අතර එහි දී පොදුජන පෙරමුණට අයත් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලැබූ අතර සමගි ජලබල වේගයට අයත් කණ්ඩායම දෙවන තැනට පත්විය.
මෙම නිලවරණය තුළ දී විවිධ දූෂණ සහ අකටයුතුකම් සිදු වූ බවට චෝදනා කරමින් සමගි ජනබල වේගයට අයත් කණ්ඩායම නියෝජනය කරමින් රක්වාන සමගි ජන බලවේග ආසන සංවිධායක ඩී.ආරියවංශ මහතාගේ නායකත්වයෙන් යුතුව රත්නපුර මහ අධිකරණය තුළ පසුගිය දා නඩුවක් පවරා ඇත.
මේ වන විට එම නඩුවට අදාළ පළමු පියවර ආරම්භ කර ඇත.
එහි දී පැමිණිලිකාර පාර්ශවය විසින් දිවුරුම් පෙත්සම් 16ක් ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇති අතර රක්වාන අටකලන්කොරලයට අයත් ගොඩකවෙල සමූපකාර සමිතිය රැස්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
ගොඩකවෙල අටකලන්කෝරලයේ සමූපකාර නිලවරණයෙන් තේරී පත්වූ සාමාජිකයන්ගේ මංගල රැස්වීම මෙම මස 30 වනදාට යෙදී ඇති නමුත් එම රැස්වීම ද අධිකරණය විසින් මේ වන විට වාර්ණය කරඇත.
එළඹෙන ජනවාරි මස 06 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි එම වාර්ණ නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව ගොඩකවෙල සමූපකාර මණ්ඩලයේ කටයුතු කරගෙන යාම සඳහා රජයේ නිලධාරීවරයෙකු පත් කිරීමට කටයුතු යෙදිය හැක.වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩබ්. කේ. නෙවිල් කරුණාරත්න මහතා පෙනී සිටින ලදී.
කෙසේ නමුත් මෙම නඩුව යළි කැඳවීම ලබන ජනවාරි මස 06 වනදාට නියමිතව ඇත.