අමිපේගම ප්‍රදේශයෙන් කාන්තාවක් අඩි 45කට ආසන්න ගැඹුරකින් යුත් වළකට වැටී ඇති පුවතක් වාර්තා වෙයි.
අමිපේගම මිරිස්වත්ත කොටිය කන්ද ප්‍රදේශයේ ඇති අඩි 45කට ආසන්න ගැඹුරකින් යුක්ත වළකට කාන්තාවක් වැටී ඇති බවට අද (19) පෙරවරුවේ බද්දේගම පොලිසියට ලද තොරතුරක් ඔස්සේ දැනගන්නට ලැබිණ.
ප්‍රදේශවාසීන්ට අසන්නට ලැබුණු කෙඳිරිලි හඬක් හේතුවෙන් මෙසේ පොලිසිය දැනුවත් කර ඇත.
අනතුරු පොලිසිය වහා ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව වළ තුළ සිරව සිටි 50 හැවිරිදි කාන්තාව බේරාගෙන ඇත.
මෙම වළ මිනිරන් ලබාගැනිම සඳහා හාරන ලද වළක් බවට එහිදී වාර්තා වී ඇති අතර අදාළ කාන්තාව බේරාගන්නා අවස්ථාවේ දී අසාධ්‍ය තත්ත්වයේ පසුව සිටි බව ද පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඇයව ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය ඊයේ (18) දින මෙම වළ තුළට වැටී ඇති බවට සැකකෙරේ.
මේ වන තෙක් මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හැකියාව ලැබී නොමැත.