අඩුම දූත පිරිසක් සමග ජනාධිපති ඇමෙරිකාවට යයි.

මේ මස 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාද සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තම සංචාරය අතරතුරදී ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව සදහන් කල අතර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නේ ප්‍රථම වරට වන අතර දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සදහන් කරයි.

මේ සංචාරය සදහා ජනාධිපතිතුමන් සමග විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මාහාචාර්ය ජයනාත් කොළඹගේ  යන මහත්වරුද මෙම සංචාරය සදහා එකතු වන අතර අයෝමා රාජපක්ෂ මහත්මිය තම පෞද්ගලික වියදමෙන් සංචාරයට එක් වෙයි.

වාර්තා වන අන්දමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට මෑත ඉතිහාසයේ අඩුම දූත පිරිසක් ශ්‍රී ලංකාවෙන්  සහභාගී වන්නේ මෙවරය.

Exit mobile version