අඩු ආදායම් ලාභීන්ට සහල් කිලෝ 20ක්.

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.

මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් ඉතිහාසයේ කිසි කලෙක ලබාදී නැතැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version