අඩු නොවන තද වැසි ඉදිරියටත්

සබරගමුව ,බස්නාහිර ,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර ඇත.එම පළාත් හා දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති වීමේ හැකියාවක් තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ප්‍රදේශ වලට මි.මී 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මඟින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version