අඩෝ !. අපි ගජබා හූ ! පොලිස් SSPට හමුදා ප්‍රහාරයක්!

ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා තම නිල රථයෙන් ගමන් කරමින් සිටියදී, ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී බිමත්ව ත්‍රීවීල් රථයකින් පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ බව පැවසූ සෙබලෙකු ත්‍රීවීල් රථය නිල රථයට ඉදිරියෙන් නවත්වා ආරවුලක් ඇතිකරගෙන තිබේ.

ත්‍රීවීල් රථය රථයට ඉදිරියෙන් නවතා, අඩෝ අපි ගජබා (..) ලෙස ප්‍රකාශ කරමින් නගරය මැදදී අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බවත්, ඉන් පසුව ඇති වූ බහින් බස් වීම නිසා පොලිස් අධිකාරිවරයාගේ රියදුරුගේ දෑත් සපා කා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් අනතුරුව ඔහුව බේරාගැනීමට ගිය ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාට දැලි පිහියකින්ද පහරදීමට උත්සාහ කර තිබෙන අතර පසුව යුධ හමුදාවේ යැයි ප්‍රකාශිත සෙබලා පාලනය කර තිබේ. එහිදී එම හමුදා සෙබළකු බැව් ප්‍රකාශිත පුද්ගලයාටද තුවාල සිදු වී ඇති අතර,   ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මෙන්ම අනෙක් පොලිස් රියදුරාද තුවාල ලබා තිබේ.

සැකකාර හමුදා සෙබලා යැයි ප්‍රකාශිත පුද්ගලයා කුට්ටිගල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට ද සම්බන්ධ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ පිළිබඳව විමසීම සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කලත් එය ව්‍යර්තව ගියේය.  

කෙසේ නමුත් බොහෝ ත්‍රීවීල් රථ රියදුරන් මෙන්ම, මෙවැනි විනයක් නැති පුද්ගලයන් ද සමාජයට දැඩි හානිකර පුද්ගලයන් වේ. එවන් පුද්ගලයන් ට එරෙහිව ගත යුතු සමස්ත නීතිමය ක්‍රියාවලියම ගත යුතුය. කෙසේ නමුත් සමස්ත සිද්ධියම අප තව දුරටත් ගවේෂණය කරමින් සිටින්නේ මෙහිදී පොලිස් නිලධාරින්ගෙන්ද යම් අකටයුත්තක් සිදු වුයේද යන්න සොයාගනිමටයි. එවැනි දෙයක් සිදුව තිබේ නම් අප එයද ඒ අකාරයෙන්ම වාර්තා කරනු ඇත.

සැකකාර හමුදා භටයා යැයි ප්‍රකාශිත පුද්ගලයා පිලිබඳව අද (08) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබුණු අතර, යුද්ධ හමුදා සෙබලා පොලිස් අත් අඩංගුවේ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇඹිලිපිටිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ මහතාගේ උපදෙස් මත වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

නවතම යාවත්කාලින කිරීම – සැකකරු දින 14 ක් බන්ධනාගාර ගත කර තිබේ.

Exit mobile version