අතරමග හමු වූ පෙමට දිවි දී උපන් දා සිට ලැබුණු පෙමට ද්‍රෝහි වූ තවත් දියණියක්.

Dead woman lying on the floor under white cloth with focus on hand

වයස අවුරුදු 21ක වේයන්ගොඩ, දංවිලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක් පෙම් හුටපටයක් හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇති පුවතක් වාර්තා වෙයි.

සිය පෙම්වතා සමග ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් ඇය සියදිවි නසා ගන්නා බවට පෙම්වතාට කෙටි පණිවිඩයක් තබා ඔහුට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි පෙම්වතාට දැකගත හැකිව ඇත්තේ ගෙලවැළලාගෙන සිටින සිය පෙම්වතියයි.

තවත් මිතුරෙකු සමග ගෙලවැළලාගෙන සිටි පෙම්වතිය රෝහල වෙත රැගෙන යන අතරමගදී ඇය මියගොස් ඇති බවට දැන ගැනීමත් සමග පෙම්වතා ඇය පාළු වත්තකට දමා ගොස් තිබේ.

මෙම සිදුවීම ඒ අසල පිහිටි CCTV කැමරාවක ද සටහන්ව තිබිණ.කෙසේ නමුත් අදාළ පෙම්වතා පසුව  පොලිසිය වෙත භාර වී තිබේ.ඔහු වයස අවුරුදු 23ක පුද්ගලයෙක් වන අතර අනතුරුව ඔහු විසින් සිදුවීම පාපොච්චාරණය කර ඇත.

(මූලාශ්‍රය- හිරු යූ ටියුබ් නාලිකාවෙනි.)

Exit mobile version