රුපියල් ලක්ෂ 150 ක් පමණ වටිනා කමකින් යුත් තීරුබදු නොගෙවා ලංකාවට ගෙන එන ලද එනසාල් තොගයක් හා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය ප්රදේශයේදී මෙම එනසාල් තොගය ප්රවහානය කිරීමට සුදානම් කොට තිබියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.
පොලිස් අත්අඩංගුවට ගන්නා ලද එනසාල් ප්රමාණය කිලෝ ග්රෑම් 1200 ක් පමණ වේ.
වයස අවුරුදු 33 හා 40 වයස් වල පසුවන මෙම සැක කරුවන් කාලයක් පුරා මෙම නීති විරෝදී ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.