අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කරන ලදී.
එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය.
එසේ අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා යොදා ගනු ලබන අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් සැලසෙන අරමුදලින් ලබා දීමට අනුමැතිය හිමිව ඇත.
අමාත්‍ය රොමේෂ් පතිරණ මහතා සඳහන් කළේ විදේශ විනිමය හිඟතාවය මත මෙම තීරණය ගත් බවයි.