අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක්, ජීවිත රාශියක් අනතුරේ…

ඖෂධ හිඟය නිසා මතුව ඇති බරපතළ සෞඛ්‍ය අවදානමෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

මේ අතර ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලා අදත් රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය, රෝහල් කටයුතුවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවය.

ඒ අනුව හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන

streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත්ය.

එමෙන්ම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසයි.

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතී.

වෛද්‍යවරුන් පවසන්නේ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවය.

මෙම බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

Exit mobile version