මිනුවන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාරයකට සහභාගී වීම සඳහා ඩොලර් සොයාදීමට තමන් ද මැදිහත්වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇත.
ඒ, ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් පසු බැලුම්ගල කණ්ඩායමට දුරකථන ඇමතුමක් ලබාදෙමින්.
මෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඩොලර් වියදම් කරමින් මෙලෙස විදෙස් සංචාරයක නිරත වී ඇත්තේ රටතුළ ඩොලර් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව ඇති පසුබිමකයි. ඉන්ධන, විදුලිය, ගැස් ඇතුළු ජනතාව පීඩාවට පත් කරන බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදයයි.
source – neth news