සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බවට ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසා ඇති බව වාර්තා වේ.
අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවද පවසා තිබේ.
මිල ගණන් පහත දැමූ භාණ්ඩ ලැයිස්තුව පහතින්,
භාණ්ඩයේ නම (1Kg) – නව මිල – ඉතිරිය
රතු කව්පි – රු.1095 – රු.55
සුදු කව්පි – රු.1200 – රු.50
රතු ලූණු – රු.325 – රු.40
රට කජු – රු.1300 – රු.40
ටින් මාළු (ආනයනික)425g – රු.575 – රු.20
වියළි මිරිස් – රු.1210 – රු.20
බී ලූණු – රු.365 – රු.15
සුදු සීනි – රු.275 – රු.13
අර්තාපල් – රු.299 – රු.11
රතු කැකුළු – රු.174 – රු.6
ටින් මාළු (ආනයනික) 155g – රු.290 – රු.5
බාස්මතී සහල් (ප්‍රීමියම්) – රු.760 – රු.5