අත්‍යවශ්‍ය සේවාවක් වූ තැපැල්

අද (08) හෝමාගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබෙන්නේ මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සදහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිකුත් කිරීමට අත්සන් තැබූ බවයි.

වාර්තා වන ආකාරයට මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාවන් සපයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.

Exit mobile version