අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග අවසන් .

රෝගීන් සදහා ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක අධික ප්‍රමාණයක තොග අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එමෙන්ම ජාතික රෝහල්වල මෙන්ම ග්‍රාමියා රෝහල් සෑම එකකම සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

ඉන්දීය ණය ආධාර යටතේ ලබා දුන් ඖෂධ වලින් 80%ක්ම ලියාපදිංචි නොකළ ඖෂධ බව සෞඛ්‍ය වෘර්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version