අත්‍යාවශ්‍ය සේවා මොනවාදැයි සොයා පොලිස් ස්ථානාධිපතිවරු අංජනම් බලන්න යති.

ඊයේ (27) රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරිම අත්‍යාවශ්‍ය සේවාවන් සදහා පමණක් බවට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.

නමුත් මෙම අත්‍යාවශ්‍ය සේවාවන් මොනවාද යන්න  පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ පිරවුම්පොළවල් මේ වන තෙක්ම දැනුවත් කර නැත.

මේ වන විට විවිධ ආයතන වලින් විශාල ලැයිස්තු සකසා පොලිස් ස්ථානාධිපතිවරුනට ලබා දී තිබේ. නගරවල එලවලු වෙළෙන්දන් පවා ඉන්ධන මෙසේ ඉල්ලිම් කර තිබේ.

මෙසේ ආයතන නම් නොකිරීමෙන් පොලිසියට තම රාජකාරිය නිසි ලෙස ඉටුකරගැනීමට නොහැකිව තිබේ. කෙසේ වෙතත් මේ වන විටත් රට පුරා බොහෝ ඉන්ධන හල් අසල ඉන්ධන ලැබෙන තෙක් තම වාහනය තබාගෙන සිටින ජනතාව දැක ගත හැකිය.

Exit mobile version