අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පනවා තිබූ පාලන මිල ඉවතට

ඊයේ (07) දිනයේ කිරිපිටි ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇත.

ඒ අනුව අද (08) දිනයේ එලෙස පාලන මිල ඉවත් කළ භාණ්ඩ සඳහා නව මිල ගණන් තීරණය කිරීමට නියමිතව ඇත.

අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අනවශ්‍ය ලෙස ඉහළ යාමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබාදුන් බවයි.

Exit mobile version