අත් පා සෙලවිය නොහැකි පුද්ගලයින්ට නව පනක් ගෙන එන මස්ක්ගේ චිප් එක

මේ වනවිට අත් පා සෙලවිය නොහැකිව පීඩා විදින පුද්ගලයන් හට පුද්ගලයාගෙ තම සිතුවිලි භාවිතා කරමින් භාණ්ඩ පරිහරණය කිරීමේ හැකියාව ලබා දෙන තාක්ෂනික පියවරක් ඊලෝන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදා බලමින් පවතී


තවද එම සමාගම විසින් මේ වන විට රැහැන් රහිත “චිප්” එකක් මිනිස් මොලයට සාර්ථකව සවි කිරීමට නවතම අඩිතාලමක් සකස් කර ඇත.
මෙවන් මස්තිෂ්ක චිපය මිනිසෙකු යොදාගෙන අත්හදා බලා ඇත්තේ පළමුවරට බව වාර්තා වේ.


චිපය සවිකළ පුද්ගලයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බලධාරීන් තහවුරු කර ඇත.තවද,
මිනිස් හිසකෙස්වලටත් වඩා සියුම් නම්‍යශීලී කෙඳි 64ක්, මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කිරීම මෙහිදී සිදුවන අතර ඉන් මිනිසාගේ මොළය පරිගණකයට සම්බන්ධ කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙය “ටෙලිපෙති”ලෙස නම් කර ඇති අතර ඊට හේතුව වන්නෙ මිනිසුන්ට ඇතිවිය හැකි සංකීර්ණ ස්නායු රෝගාබාධවලදී සහාය වීමේ අරමුණින් නිපදවූ නිශ්පන්දනයක් වන බැවිනි.
මෙම තාක්ෂණය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමේ අවසරය මැයි මාසයේදී එම සමාගමට හිමිවිය. මන්ද වසර 6 පුරා ගත් උත්සහයක ප්‍රතිඵලයකින් අනතුරුවයි.

Exit mobile version