අතිපූජ්‍ය උඩුමලගල මහින්ද නාහිමිගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අපවත්වී වදාල සියම් මහා නිකායේ රෝහණ මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය උඩුමලගල මහින්ද නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ඇත.

ජනාධිපතිවරයා ගාල්ල, කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය වෙත ගොස් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමියන්ගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සංවේගය පළ කර ඇත.

Exit mobile version