අතිරේක ඉන්ධන තොගත් එළියට.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග ඉදිරි දින 03 ඇතුළත දී බෙදාහැරීමට කටයුතු කරන බවයි.

ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා මෙම ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බවයි සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදාහැරීමේ අඩුපාඩු, ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම දිගු පෝලිම් ඇති වීමට හේතු වී ඇති බවයි.

මේ අනුව ඉදිරි දින දෙක තුළ දී ක්‍රමානුකූලව පවතින ඉන්ධන පෝලීම් අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version