අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල  සියලුම සාමාජිකයින් කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අද (22) සිට ක්‍රියාත්මක වන පරිදියි.

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමය පවත්වා ගැනීම සඳහා මෙලෙස සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

අදාළ ගැසට් නිවේදනය සෑම මසකම 22 වනදා නිකුත් කරනු ලබන අතර එය ඉදිරි මාසයක කාලයක් දක්වා බලපැවැත්වේ.

Exit mobile version