ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලීන් මොනවාද යන්න පසුගිය කාල වකවානුව තුල මනාව ප්‍රසිද්ධ විය. ශ්‍රී ලංකාවේ මාණ්ඩලික ශ්‍රේණිය නිලධාරීන්ගෙන් 80% කටත් වැඩ දූෂිත බව අමුතුවෙන් ලිවිය යුතු නැත. සැබැවින්ම දේශපාලඥයන්ට වැඩ දූෂිත වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ය. වංචා දූෂණ අක්‍රමිකතා පමනක් නොව තමා රාජකාරිය පවා පැහැර හරින ඔවුන් ද වර්තමාන විනාශයේ චුදිතයන් වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම සමහර රාජ්‍ය නිලධාරීන් නින්දෙන් අවධිව තිබේ. “ රනිල්ට බෑ” යන විරුදාවලිය ජනගත කලේ විරුද්ධ දේශපාලඥයන් විසිනි. ඔහුට “බෑ’ යන වචනය මුලින්ම ජනගත කලේ මිය ගිය මංගල සමරවීරය. කෙසේ නමුත් ජනතාවගේ ඔලුවේ තවමත් එය රැදී තිබුනත් බහුතරයක් අකමැත්තෙන් වුවත් කියන්නේ “ රනිල් හැර මේක ගොඩගන්න දැන් කවුරුත් නෑ” කියාය. කෙසේ වෙතත් මහජනතාව රනිල් වික්‍රමසිංහ මහතා පිලිබදව විවිධ මත දරන අතර පසු ගිය 22 වැනිදා “ නිදා සිටි” අරගලකරුවන්ට හමුදාව එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගම ඔහු ගැන ජනතාව තුල කල කිරීමක් ඇතිව තිබේ.
මේ රාජ්‍ය දූෂිත වෙමින් විනාශය ආරම්භ වන්නේ දශක කිහිපයක සිටය. අන්ත දූෂිත රාජ්‍යයක් වීම ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයෙනි. එහි මූලික ආරම්භය ඔහු ගන්නේ 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය නිර්මාණය කිරීමෙනි. ඉන් අනතුරුව විගණකාධිපතිට තිබු බලය සම්පූර්නයෙන්ම අහිමි කරමින් මාණ්ඩලික ශ්‍රේණියට අසීමිත ලෙස හොරකම් කිරීමට පුරුදු කලේ ඔහුගේ එම පනතයි.
එම පනත සහ පරිපාලනයේද දෝෂ ඇති කරමින් විහාර, දේවාල, පන්සල් මෙන්ම බෞද්ධයාගේ මුදුන් මල්කඩවල් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව මෙන්ම අනුරාධපුරයේ රුවන් වැලි සෑයටද ඒවායේ තිබු දේපලවලටද දැවැන්ත හානි සිදුකලේ මහින්ද රාජපක්ෂ සමග ඔහුගේ අනුහසින් බිහි වූ “නිලමේවරුන්”, බුදුමග නොයන හිමිවරුන් මෙන්ම බෞද්ධ කටයුතු පිලිබඳව කොමසාරිස් වරුන්ගේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරුන්ගේ විසිනි.
ඒ අකාරයෙන් සිදුකල විනාශයන්වල ප්‍රතිපලයක් ලෙස බෞද්ධාගමේ ප්රතිපත්තීන්වලට එරෙහිව යමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුකර තිබෙන වංචා, දූෂණ මෙන්ම අක්රමිකතාවලට වර්තමාන බෞද්ධකටයුතු අධ්‍යක්ෂක ජනරාල්ද චුදිතයෙක් වන අතර හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන චන්ද්‍රප්‍රේම ගමගේටද අල්ලස් චෝදනා එල්ල වි තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් විසින් සිදුකර තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා පිලිබඳව පසුගිය වර්ෂයේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හට “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ” ජාතික සංවිධායකවරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් පිලිබඳව කිසිදු විමර්ශනයක් සිදුකිරීමට ඔහු කටයුතු කර නැති බව මීට පෙරද වාර්තා විය.
සංවිධායකවරයා සදහන් කරන්නේ නිශ්චිත විමර්ශනයක් ආරම්භ වන්නේ නම් මේ වන විටත් දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑලගේ වැඩ තහනම් කල යුතු බවත් එය ඉතාම පැහැදිලිව නිතිය තුල සදහන් වන බවත්ය. එසේම ඔහු චෝදනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරි ජනරාල්ගේ පසු ගිය කාලයේ ඉන්ධන වියදම පමණක් මාසිකව ලක්ෂ එක හමාරකට වැඩි බවයි. ( මිල වැඩි කිරීමට පෙර). කල් යුත්තේ කුමක්ද යන්න පිලිබදව නීතියක් තිබේ නම් එය කල යුතු බවද, එසේ නොකිරීමේ විපාකයට ලගදීම ඔහුට ලැබෙන බවත් ප්‍රකාශකරන ජාතියක් සංවිධායකවරයා ලගදීම ඔවුන්ට විරුද්දව උද්ඝෝෂණ මාලාවක් පවත්වන බවද සදහන් කරන ලදී. ඒ සදහා ශ්‍රී ලංකාවේ සැබෑ බෞද්ධ බලවේග සියල්ලම එකතු කරගන්නා බවද, මේ වන විටත් බොහෝ වැඩ අවසන්ව ඇති බවත් ඔහු සඳහන් කරන ලද ඔහු “ ගෝඨාභයට” ද මහනුවරදී කාරුනික ලෙස අනතුරු හැඟ වූ බවද සඳහන් කරන ලදී.
එබැවින් බෞද්ධ කටයුතු පිලිබඳව අධ්‍යක්ෂක් ජනරාල් වන සුනන්ද කාරියප්පෙරුම මහතාට අපද සඳහන් කරන්නේ පසුගිය වර්ෂයේ ප්‍රදීප් නිලංග දෑල ක්‍රිෂාන්ත සහ හිස්නැල්ල යන මහත්වරුන් මහනුවර පොලිසියේදී ඉල්ලන් කාපු ආකාරය මතක් කරගන්නා ලෙසත්, අද රටට සිදුවන දේ මෙම ජාතික සංවිධායකවරයා එදිනම මහනුවරදී මෙන්ම පසුවද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ සියල්ලම සිහියට ගන්නා ලෙසයි. ඔබ ඔබගේ තනතුරින් වෙනත් තනතුරකට මාරු වී ගියත් මේ පැමිණිල්ල නීතියට අනුව විභාග නොකිරීමෙන් ඔබට් ලැබිය යුතු දඩුවම ලැබීමෙන් පලා යාමට නොහැකි වනු ඇත.
ජයකොඩි රෝහණ. මාණ්ඩලික වාර්තාකරු. ස්පාඥ්ඥයේ සිට ලියයි