අතුරලියේ රතන හිමිගේ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසි කරයි

අපේ ජනබල පක්ෂය විසින් පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත.

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ එම සංගමයේ ලේකම් විසින් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට ද දැනුම් දුන් බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2004 වසරේ දී ප්‍රථම වරට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර එතැන් පටන් සිව් වරක් උන්වහන්සේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.

ඒ අනුව පසුගිය ජනවාරි 05 වන දින ද පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස දිවුරුම් දී තිබුණි.

Exit mobile version