කොළඹ ප්රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
වාර්තා වන ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පරත්ත ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ ගුරුවරයෙක් බවත් ඔහු එම ප්රදේශයේ ජනප්රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහු ඊයේ සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති අතර ඔහු විශාල මුදලක් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක ආයෝජනය කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.
එසේම ඔහු නිවසින් පිටවනවිට රැගෙන ආ ගමන් මල්ල වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති අතර පානදුර උතුර පොලීසිය ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.