අතුරුදහන් සෙබලාගේ සිරුර දිය පහරකින් මතුවේ.

ඊයේ (20) අම්පේගම ගුරුසිංහගොඩ ප්‍රදේශයේ දිය පහරක තිබී, මීට දින කිහිපයකට පෙර අතුරුදහන්ව සිටි යැයි පවසන හමුදා සෙබලාගේ මළ සිරුර හමුව ඇති බව වාර්තාවේ.

පසුගිය 5 වනදා මෙම හමුදා සෙබලා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 14 වනදා නැවත නිවාඩු අවසන් වීමෙන් අනතුරුව කදවුරට යාමට නියමිතව තිබු බව සඳහන් වේ.

මියගිය සෙබලාගේ බිරිද විසින් 15 වන දින උදෑසන පොලිසියට පැමිණිල්ලක් යොමුකොට ඇත්තේ තම සැමියා නිවසින් බැහැරව ගිය බවත් නැවත නිවසට නොපැමිණි බවත්ය.

ඒ අනුව ඔහු සොයා පොලිස් විමර්ශන ආරම්භකර ඇති අතර ඊයේ (20) සවස බද්දේගම පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ සිරුර සොයා ගෙන තිබේ.

මියගිය සෙබලා මඩකලපුව 11 වන සිංහ රෙජිමේන්තුවට අනියුක්තව සේවය කල ප්‍රදීප් විතානගේ නමැති තිදරු පියෙක් බව වාර්තාවේ.

මෙම මරණය පිළිබදව බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version