අදත් ආසාදිතයින් 782ක්

මෙරට තුළින් අද (05) දිනය තුළ දී වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 782ක් ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 522,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම අද දිනය තුළ දී කොවිඩ් රෝගීන් 477 දෙනෙකු සුව වීමත් සමග මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 477,851ක් ලෙස වාර්තා වී ඇත.

Exit mobile version