අද (07) දිනයේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 748ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 569,171ක් ලෙස ඉහළ ගොස් ඇත.
දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සාපේක්ෂ වර්ධනයක් මේ වන විට යළිත් පෙනී යන අතර මෙම උත්සව සමය තුළ දී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් එය තවදුරටත් වර්ධන විය හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.