අදත් කොවිඩ් මරණ 05 ක්.

ඊයේ (17) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙම කොවිඩ් ආසාදිත මරණ අතරට කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළත්ව ඇත.

මේ අතර අද (18) දිනය තුළ දී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 166 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්  සංඛ්‍යාව 668,663ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Exit mobile version