අදත් කොවිඩ් මරණ 184ක්

ශ්‍රී ලංකාව තුල අද කොවිඩ් මරණ 184 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. එම මරණ සියල්ලම ඊයේ (06) සිදු වූ මරණ ලෙස තහවුරු කර තිබේ.

එම මරණ අතර අවුරුදු 30 ට අඩු මරණ 04 ක් ද, 30 ත් – 59ත්  අතර මරණ 46 ක්ද, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 134 ක් ද වනවා. පුරුෂ මරණ 97 ක් සහ කාන්තා මරණ 87 ක්  මෙම මරණ 184  ට අයත් වනවා

Exit mobile version