නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව ඊයේ දින ප.ව. 11.30 වන විට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3Eආසන්නයේ ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වනවිට නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇත. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබේ.
ඊට අමතරව උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
එමෙන්ම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත් වලත්, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
තවද උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු වේ.