අද (22) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ,කුරුණෑගල ,මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර යයන දිස්ත්‍රික්ක තුළත් ඇතැම් ස්ථානයන්ට මි.මී.75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
එමෙන්ම අද සවස් කාලයේ දී සහ රාත්‍රී කාලයේ දී ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලති උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.50ක පමණ සුළං තත්ත්වයක් ද ඇති වීමට ඉඩකඩ පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.